Friday, February 7, 2025
HomeUncategorizedගෑස් සිලින්ඩරය වෙන පක්‍ෂයකටත් දීලා.. ඔවුන් නඩු දමයි.. රනිල් හා මැ.කො. අර්බුදයේ..

ගෑස් සිලින්ඩරය වෙන පක්‍ෂයකටත් දීලා.. ඔවුන් නඩු දමයි.. රනිල් හා මැ.කො. අර්බුදයේ..

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී ඇති මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් විරෝධතාවයක් එලවී තිබේ.

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා තම තම පක්ෂයට ද ලබා දී ඇති ලකුණ ගෑස් සිලින්ඩරය බවයි.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා මෙතෙක් අවලංගු කර නැති තත්ත්වයක් යටතේ ජනාධිපති අපේක්ෂකයෙකුට මෙම ලකුණ ලබාදීම ගැටළු සහගත බවද ඔවුන් කියා සිටී.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටද ඔවුන් මේ වන විට පැමිණිලි කර ඇති අතර ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වන බව එම සංවිධානය පවසයි.

RELATED ARTICLES

Most Popular