සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවස්ථාව වන විටම තම පක්ෂයේ අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
සැප්තැම්බර් 21 වනදා සිදුකිරීමට ඇත්තේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වන ලිපිය මැතිවරණ කොමිසම අතින් ලබා ගැනීම පමණක් බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ ජයග්‍රහණය එතරම්ම ස්ථිර බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද තංගල්‍්ලේ ජනරැළිය අමතමිනි.