ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205 ක් වන බවයි සඳහන් වෙන්නේ.
එය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිරිනමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මුද්දරය පිළිබඳ විස්තරය
නිකුත් කරන දිනය : 2024 අගෝස්තු 20 වැනි දින
වටිනාකම් : රු. 500.00
නාමාවලි අංක : CSL 2581
මුද්දර සැලසුම්කරු : පී. ඉසුරු චතුරංග රුවන් ඉන්ද්‍රජිත් උපසේන
මුල්දින කවර සැලසුම්කරු : පී. ඉසුරු චතුරංග
ප්‍රමාණය : 205mm x 30mm
හැඩය : තිරස්
මුද්‍රණ ක්‍රමය: ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි
පත් සැකැස්ම : පත්‍රිකාවක මුද්දර 4 බැගින්
සිදුරු ප්‍රමාණය : 12 1/4 x 134 1/4
මුද්‍රණකරුවෝ : රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
වර්ණ (පාවිච්චි කළ) : හතරයි
කඩදාසි වර්ගය : 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි
මැලියම් :
මුද්‍රණය කළ ප්‍රමාණය : මුද්දර – 3,00,000 සිහිවටන පත්‍රිකා – 25,000
අලෙවි කරන අවසන් දිනය : 2025.08.19
ඡායාරූප අනුග්‍රහය : බුද්ධික රොෂාන් ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය