Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයරනිල් කිවුවට රජයේ සේවකයන්ට 25000ක් දෙන්න සල්ලි නෑ.. මං දින්නොත් දුප්පතුන්ට 10,000ක්...

රනිල් කිවුවට රජයේ සේවකයන්ට 25000ක් දෙන්න සල්ලි නෑ.. මං දින්නොත් දුප්පතුන්ට 10,000ක් දෙනවා..

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක වැටුප් වැඩි කරන්නේ යයි ජනාධිපතිවරයා පැවසූ ආකාරයට කිසිසේත්ම සිදු කල නොහැකි බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.

එහි නායක අනුර දිසානායක මහතා පවසන්නේ එතරම් වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දීමට නම් අවුරුද්දකට රුපියල් බිලියන 400ක් අමතරව වැය වෙන බවයි.

එනිසා ජනවාරි මාසයේ පඩි වැඩිවීමක් ගැන හිතන්නවත් එපා යයිද ඔහු ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් බණ්ඩාරගමදී පවත්වන ලද ජනාධිපිවරණ ජන රැුළියක් අමතමිනි.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් පියවරෙන් පියවරක් රට හදන අතෙක් ජනතාව බලා ගැනීම සඳහාද වැඩපිළිවෙළක් සකස් කරන බවද ඒ මහතා පැවසුවේය.

ආහාර නැති අධ්‍යාපනය ගැනීමට නොහැකි සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට නොහැකි ජනතාව වෙනුවෙන් මසකට රුපියල් දස දහසකට වඩා වැඩි දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු පැවසුවේය.

නමුත් එය ලබා දෙන්නේ ජීවිතාන්තය දක්වා නොව රට හදා එහි ප්‍රතිලාභ ලැබෙන තෙක් පමණක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular