Wednesday, December 11, 2024
Homeපුවත්ක්‍රීඩාT20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි...

T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතය.

එහි A කාණ්ඩයෙන් වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග වදී.

B කාණ්ඩයට වත්මන් අනුශූරයන්වන දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත්ව ඇත.

තරගාවලිය ඔක්තෝබර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පාකිස්තානය සමඟින් එදින පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කණ්ඩායම් දෙක වන අතර, ඔවුන් මෙම වසර ආරම්භයේදී අබුඩාබිහිදී පැවති මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් එම අවස්ථාව උදාකරගෙන සිටී.

ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.

කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ 9 වන අදියර ලෙසින් මෙය බංග්ලාදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

කෙසේ නමුත් ඉකුත් දින කිහිපයේදී බංග්ලාදේශය තුළ හටගත් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් එහි සත්කාකරකත්වය බංග්ලාදේශයෙන් ඉවත්කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගනෙ යාමට ICCය කටයුතු කළේය.

RELATED ARTICLES

Most Popular