ඉදිරියේදී පිහිටුවන තම ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් පවත්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරන බව සමගි ජන බලවේග නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කරන ලද ජනරැළි මාලාවක් මඩකලපුව ත‍්‍රිකුණාමල ප්‍රදේශවලදී අමතමින් හෙතෙම මෙසේ පැවසුවේය.
‘දුප්පත්කම තුරන් කිරිමේ අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය ආදි වශයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල තිබු හොඳ දේ පමණක් අරගෙන දුප්පත්කම තුරන් කිරීමේ අලුත් වැඩසටහන අපි සුදානම් කරලා තිබෙනවා. මෙරටේ දුප්පතුන් හැමදාම සහනාධාරලාභීන් විදියට ජීවත් වෙන්න කැමැති නෑ. ඔවුන්ගේ ඒ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන වසර දෙකක් ඇතුළත මෙරටේ දුප්පත්කම තුරන් කරන අලුත් වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ අපි එක් පවුලකට රුපියල් විසිදහසක් බැගින් ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා.’