Friday, February 7, 2025
Homeවිශේෂාංගහමුදාවේ ආහාර සලාකය මාසික වැටුපට..

හමුදාවේ ආහාර සලාකය මාසික වැටුපට..

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් කල් ලබා දුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මේ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත බවත්, එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන අතර, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

RELATED ARTICLES

Most Popular