Wednesday, December 11, 2024
HomeUncategorized“මාව ජනපති කළොත් වාහන මිල 80%කින් අඩු කරනවා”

“මාව ජනපති කළොත් වාහන මිල 80%කින් අඩු කරනවා”

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ජනපති කළහොත් දැනට පවතින වාහන මිල 80% කින්වත් අඩුකිරීමේ සැලසුම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම අනෙකුත් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවේචනය කරමින් පැවසුවේ එම ජනාධිපති අපේක්ෂකයන් කිසිවකු වාහන ආනයනය කිරීම සඳහා කළ හැකි විසඳුමක් යෝජනා කර නොමැති බවයි.

එමෙන්ම වෙනත් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ඇත්තේ ඔවුන්ගේ සිතැඟියාවන් මිස ජනතාව ඉල්ලන දේ නොවන බව ද ඔහු කියාසිටී.

බදු ගෙවන්නන්ගේ මුදලින් සැප වාහන භුක්ති විඳින මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය සහ එවැනි වාහන දැරිය නොහැකි මිලකට සාමාන්‍ය පුරවැසියන්ට ලබාදීමේ පසුබිම සැකසී ඇති ආකාරය ද ඔහු ඉස්මතු කළේය.

“ඇයි දැන් තරුණයො දේශපාලනඥයෝ එක්ක තරහ? යකෝ මුං ආණ්ඩුවෙන් නිකං කකා ආණ්ඩුවෙන් සැප වාහන පදිනවා. යකෝ අපිට සල්ලි දීලාවත් වාහනයක් ගන්න බෑ කියලා ඒ අය හිතනවා” යැයි හෙතෙම කීය.

“මගේ පාලන කාලයකදී මම අරිනවා අවුරුදු 15ක් පරණ වාහන ආනයනය කරන්න පුළුවන් තැනට” හෙතෙම අවධාරණය කළේය.

රණසිංහ පැහැදිලි කළේ 2010 Toyota Prius රථයක් දැනට ඇති ප්‍රතිපත්ති නිසා රුපියල් මිලියන 20ක් වුවද රුපියල් ලක්ෂ 22ට ආනයනය කළ හැකි බවයි.

එලෙසම, 2010 Aqua රථයක් රු. මිලියන 10 ක් වුවද මිලියන 1.7කට ආනයනය කළ හැකි බව ද ඔහු පැවසීය.

වාහන ආනයන වියදම් අඩුකිරීමේ සවිස්තරාත්මක සැලසුම් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික සැලසුම් යටතේ හෙළිදරව් කරන බවද රණසිංහ මහතා අවධාරණය කරයි.

වාහනවල වැදගත්කම පවසමින් රණසිංහ කියා සිටියේ විදේශ විනිමය සංචිතවලට සැලකිය යුතු ලෙස බලපාන ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බවයි.

‘අපි මෙම වාහන මාදිලිවලින් සමහරක් සඳහා වෙළඳපොළ විවෘත කළහොත්, අපගේ ඩොලර් වියදම අවම වශයෙන් 20% කින් අඩු කරන්න පුළුවන්. විදේශ විනිමය ඉතිරි කර ආර්ථිකය ප්‍රගතිය සඳහා විවෘත කළ හැකියි.’ යනුවෙන් ඔහු පැවසීය.

RELATED ARTICLES

Most Popular