Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයදිලිත් ට බලපිටියෙන් මහා සෙනඟක්

දිලිත් ට බලපිටියෙන් මහා සෙනඟක්

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන  බලපිටිය ජන රැලිය අද (14) පැවැත්වුණි.

ඒ සඳහා විශාල ජනකායක් එක්වී සිටි අතර සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එහිදී ජනතාව ඇමතූ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ,

“මෙවැනි ජනාධිපතිවරණයක් කලින් ඇවිත් නැහැ. ඒකට හේතුව ඒ  කඳවුරු දැන් ඇනකොටා ගන්නවා. ඡන්ද ටික බෙදිලා. අපි වගේ අවංක දේශපාලන ප්‍රකාශනයකට ජයග්‍රහණය ලබාගැනීමේ අවස්ථාව දැන් නිර්මාණය වෙලා තිබෙනවා. වැඩිම පිරිසක් කියන්නේ අපි තාම හිතලා නැහැ කියලා. ඒ කියන්නේ අනෙක් පක්ෂවලට දෙන්නේ නැහැ කියන එක. එහෙනම් ඒ ඡන්ද ලැබෙන්නේ අපිට… තරුවට. වෙන විකල්පයක් නැහැ. අපි මනසක් ඇති රාජ්‍යයක් හදනවා. ඒක තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක්. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය ඉල්ලා සිටින ව්‍යවසායකත්වයේ පරිසරය නිර්මාණය කිරීම ගැනයි අපි කතා කරන්නේ.”

RELATED ARTICLES

Most Popular