Friday, February 7, 2025
Homeවිශේෂාංගමගේ ප‍්‍රකාශයෙන් පසු කොටස් වෙලදපල කඩා වැටීම නැවතුනා..- අනුර

මගේ ප‍්‍රකාශයෙන් පසු කොටස් වෙලදපල කඩා වැටීම නැවතුනා..- අනුර

ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ කරමින් ජනතාව භීතියට පත්කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරියේදී ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි ජනාධිපතිවරයා පවසමින් සිටින්නේ ඒ අනුව බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩු වෙනසක් වුවහොත් ඩොලරය රුපියල් 400ට යනු ඇති බවටත්, කොටස් වෙළඳපොළ කඩා වැටුණු ඇති බවටත් ජනාධිපතිවරයා කරන්නේ බරපතල ප‍්‍රකාශ බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ සමගින් කොළඹ කොටස් වෙලදපල වේගයෙන් කඩා වැටුණු බවද පැවසූ ඔහු තමා පක්ෂයේ ආර්ථික සමුළුවක් පවත්වා තම ස්ථාවරය හෙළි කළ පසු එම කඩා වැටීම නැවතුනු බවත් පැවසුවේය.

සිරස නාලිකාවේ වැඩසටහනක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular