Wednesday, December 11, 2024
Homeවිශේෂාංගහිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් එලවීම කල් යයි.. නීති හදන්න වෙයි..

හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් එලවීම කල් යයි.. නීති හදන්න වෙයි..

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා නීතිමය බාධා ඇති වී තිබේ.

ඒවා කප්පාදු කිරීමට නම් නීතිමය සංශෝධන ගෙන ආ යුතුව ඇති බැවින් මීළඟ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව එය සිදු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

හිටපු ජනාධිපතිරුන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු ප්‍රතිලාභ අහෝසි කරන බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දී ජාතික ජන බලවේගය විසින් ප්‍රතිඥා දී ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට අදාළ වරප්‍රසාද ලැබී ඇත්තේ ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුවයි.

කෙසේ වෙතත් මැතිවරණ පොරොන්දු අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා වන නිර්ණායකයන් රජය විසින් සකස් කෙරෙණු ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular