Monday, March 17, 2025
Homeවිශේෂාංගජනාධිපතිට සහෝදරයා කියන්න.. අති උතුම්, උතුමාණෝ වගේ ඒවා එපා…

ජනාධිපතිට සහෝදරයා කියන්න.. අති උතුම්, උතුමාණෝ වගේ ඒවා එපා…

අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා වී සිටියද ඔහුට සහෝදරයා යයි ඇමතිය හැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත.

‘ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා කියන්න පුළුවන්. දැන් ඔහු මේ රටේ ජනපතිවරයායි. ඒ අනුව රටේ ජනතාව ඔහුට ජනාධිපති අනුර දිසානායක ලෙස ආමන්ත්‍රණය කරනවා නම් සුදුසුයි.

අපේ ජනාධිපතිට අති උතුම්, අති ගෞරව, ජනාධිපති උතුමාණෝ ආදි ගෞරවාර්ථ අවශ්‍ය වෙන්නේ නෑ. ඔහු රටේ නායකයා වුණත් ජනතාවගේ සේවකයෙක්’

RELATED ARTICLES

Most Popular