27.4 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

මහ බැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්

Must read

බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවරයන් කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි.”

මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ, බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමත් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවය.

එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

“භාණ්ඩ ආනයනය කරන අය සහ විදෙස් මුදල් මෙරටට එවන අය එය බැංකු පද්ධතිය හරහා කරන්න. එවිට බැංකු පද්ධතියට ඩොලර් ලැබෙනවා. එවිට එය ආර්ථිකයට හොඳයි.”

More articles

Latest article