30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයෙන් ඩොලර් මිලියන 500ක ආනයන වියදම් ඉතිරියක් – BOI සභාපති

Must read

රජය නැගෙනහිර පළාතේ සිදුකරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය
යටිතල පහසුකම් හා අනෙකුත් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් බිලියන 5 ක ආයෝජනයක්
ඇඟලුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගම් හතරක් මේ වන විටත් ආයෝජනයට කැමැත්ත
ශ්‍රී ලංකාව ඇඟලුම් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් වැය කරයි. මෙම රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ක්‍රියාත්මක වීමත් සමග ඇමරිකානු ඩොලර් මිලියන 500ක අමුද්‍රව්‍ය මෙහි නිපදවයි.
නව රැකියා අවස්ථා අවස්ථා 5,000 ක් පමණ ජනිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නවීන තාක්ෂණය මුසු වූ පරිසර හිතකාමී කර්මාන්ත උද්‍යානයක් ලෙස ස්ථාපිත කෙරේ.

ලොව පුරා වටිනාම සන්නම සහිත ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇත. වැඩි වටිනාකමක් ඇති ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය රෙදි හා අමුද්‍රව්‍ය සියල්ල ම පාහේ විවිධ රටවලින් මේ වන විට ආනයනය කරයි. ඒ සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට අධික මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වේ.

මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මෙරට ඇගැළුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි හා අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඉලක්ක කරගත් පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය පිහිටුවීමට පියවර ගෙන ඇත.

ප්‍රථම අදියරය අක්කර 255 ක් පුරා විහිදුණු මෙම කර්මාන්ත උද්‍යානය සියලු පහසුකම්වලින් සමන්විතය. එහි මහා පරිමාණයේ කර්මාන්තශාලා සංකීර්ණ අටත් දහයත් අතර ප්‍රමාණයක් ස්ථාපිත කළ හැක.

නැගෙනහිර පළාත වෙනුවෙන් රජය වැඩිම පිරිවැයක් දරමින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මඩකලපුව පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය නම් කළ හැක. මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 5.5 ක මුදලක් වැය කරයි. රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ඉදිකිරීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් හි සංවර්ධනයක් ද අපේක්ෂා කෙරේ.

More articles

Latest article