30.1 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ලෝක රූ රැජන පෝලන්තයේ කැරොලිනා

Must read

පුවටෝරිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී ඊයේ (17) පැවති 70 වැනි ලෝක රූ රැජන තරගාවලියේදී පෝලන්තයේ විසි තුන් හැවිරිදි කැරොලිනා බියලොව්ස්කා 2021 ලෝක රූ රැජන කිරුළ හිමි කර ගත්තාය.

රටවල් 97ක තරගකාරියන් අතරින් ඇය කිරුළ හිමි කර ගනු ලැබූ අතර, ඇය කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටී. නිරූපිකාවක් ලෙස ද අය කටයුතු කරනු ලබයි.

තරගාවලියේ අනුශූරතාව අමෙරිකාවේ ශ්‍රී සියැනි හිමි කර ගත්තාය. ඉන්දියානු සම්භවයක් ඇති ඇය විසිහය වැනි වියේ පසුවෙයි. දෙවැනි අනුශූරතා හිමි වුණේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඔලිවියා යාස්ටය.

ගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගාවලිය කොවිඩ් නිසා ඊයේ (17) දක්වා කල් දැමීමට සංවිධාකවරුන් පියවර ගෙන තිබිණි.

More articles

Latest article