33 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

මම මේක චිත‍්‍රපටයකට කරපු පිටපතක් “එයා දැන් බැඳලා” නිර්මාණය ගැන ප්‍රසන්න ජයකොඩි කියූ කතාව

Must read

ඔහු සිනමාව සහ ටෙලි නාට්‍යයන් හි සිය නිර්මාණයන් තුළ ප්‍රතිභාපූර්ණ සම්මානනීය කලාකරුවෙකි. ලාංකේය සිනමාව ලෝක මට්ටමින් සම්මානයන්ට පාත්‍ර කරන්නට ඔහුගේ සිනමා නිර්මාණයන් කිහිපයකටම හැකියාව ලැබූ අතර,

ජාත්‍යන්තර ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උළෙලේ සම්මානිත වූ මෙරට සිටින සිනමා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විදියට ප්‍රසන්න ජයකොඩියන් හැඳින්විය හැකි අතර,

ඔහු 80 දශකයේ වේදිකාගත වූ “සෙවනැලි සහ මිනිස්සු” වේදිකා නාට්‍යයෙන් තමයි තමන්ගේම කියලා ප්‍රේක්ෂකයින් පිරිසක් ගොඩ නඟාගන්නේ.

“සඳ අමාවකයි, ඉමදිය මංකඩ, නිසල වි, හද විල සක්මන” වැනි අපූර්ව ටෙලි නාටකයන් ඔස්සේ සිය රංග ප්‍රතිභාවයන් ඉස්මතු කරමින් ප්‍රසන්න ජයකොඩි නම් ඔබේ ආදරණීය කලාකරුවා ඉකුත් 23න් වසරක් තිස්සේම ටෙලි නාට්‍යය රංගනයන් හි ඔහුව දැකගන්නට නොහැකි වූ අතර,

“එයා දැන් බැඳලා” ටෙලි නිර්මාණයත් සමඟින් එම නිහාඩියාවට තිත තබමින් යළිත් ප්‍රසන්නයන් සිය රංගන කෞශල්‍යතාවයන් ඉස්මතු කරමින් සිය ප්‍රේක්ෂකයින්ගේ සිත් සොරාගන්නට තරම් විය.

මෙහි පිටපත ප්‍රසන්න විසින් දැනට වසර 4කට 5කට පමණ පෙරයි ලියවෙන්නේ. එමෙන්ම නැවත වරක් ඔහු මේ පිටපතට අලුත් කරුණු එක් කරමින් වැඩිදියුණු කර තිබෙන අතර, ප්‍රසන්නයන් නම් කියන්නේ, “ටෙලි නාට්‍යයක් නම් ටෙලි නාට්‍යයක් වෙන්න ඕනේ.

සිනමා පිටපතක් නම් එය එසේ තිබිය යුතුයි. පොදු ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කිරීමට නමින් පවා මෙය වෙනස් වෙනවා කියලා. “එයා දැන් බැඳලා” යන නිර්මාණය මුලින්ම තිබ්බේ සිනමාපටයක් විදියටයි.

චරිත නිරූපණයත් මෙන්ම පිටපතත් සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා, සිනමා පිටපතක් ටෙලි පිටපතක් කරන්න ගියාම. ඉතින් මේ ටෙලි කාථා මාලාවේ තිබෙන්නේ, “බ්ලැක් කොමඩි” ස්වභාවයක් වන අතර,

ප්‍රසන්නයන් චිත්‍රපටි කරද්දී ෆිලෝසොපි බොඩි ෆිල්ම්ස් තමයි කරන්නේ. ඉතින් ටෙලි නාට්‍යයන් වලදී නම් ඒ දේ අනුවර්ථනය කිරීමට නොහැකි ද වනවා.

ප්‍රසන්න ජයකොඩි අසහාය කලාකරුවා මෙන්න මේ විදියටයි, ඔහුගේ “2020” නිර්මාණය ගැන ගෙන හැර දක්වන්නේ. “කොරෝනා කාලේ ආලේ” කියන සිනමාපටය “2020” නමින් තමයි,

මං එළිදක්වන්නට බලාපොරොත්තුවෙන් ඉන්නේ. මොකද ඔය නම දැම්මාට පස්සේ කීප දෙනෙක්ම එවැනි නම් නිර්මාණ වලට යොදාගෙන තිබ්බා.

දැනට පවතින සමාජමය ආර්ථිකමය තත්ත්වයන් කොරෝනාව තුලින් එළියට ඉස්මතු වෙනවා කියන එකයි “2020” කියන්නේ.

සේමිණි ඉද්දමල්ගොඩ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රදීප් රාමවික්‍රම, සරත් කොතලාවල ඇතුළු තවත් ප්‍රවීන කලාකරුවන් කලාකාරිනියන් පිරිසකගේ දායකත්වයෙන් තමයි “2020” බිහිවෙන්නේ කියලා.

More articles

Latest article