29 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

“ගම සමග පිළිසදර” වැඩසටහනෙන් හදුනා ගන්නා ජනතා ගැටළු සහ විසදුම් ඩිජිටල්කරණය කිරීමට පියවර

Must read

ජනාධිපතිතුමාගේ ගම සමඟ පිළිසදරක් වැඩසටහනේ ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති නාමල් රාජපක්ෂ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේදී පැවැත්වුණි.

මෙතෙක් පවත්වන ලද ගම සමග පිළිසදරක් වැඩසටහන් 17 මගින් ක්ෂේත්‍ර 27 ක් යටතේ සෘජු ගැටළු 1600 ක් පමණ හදුනා ගෙන ඇත. ඉදිරියේදී ගම සමග පිළිසදරක් වැඩසටහන පවත්වා දින 03 ක් ඇතුලත හදුනාගත් ගැටළු අදාල අමාත්‍යාංශය වෙත යොමු කිරීමට එහිදී සාකච්ඡා විය.

ගම සමග පිළිසදරක් වැඩසටහන මගින් හදුනාගන්නා ජනතා ගැටළු සහ එම ගැටළු විසදන ආකාරය පියවරෙන් පියවර විනිවිද භාවයකින් යුතුව ජනතාවගේ දැන ගැනීම සදහා මෙම වැඩසටහන ඩිජිටල්කරණය කිරීමට අද දින පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය කාන්චන විජේසේකර, මාතර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග, ගම සමග පිළිසදරක් අංශයේ ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ගම සමග පිළිසදර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ඩබ්.එච්.කරුණාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.

More articles

Latest article