27 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු හොයන්න එපා – සුනිල් හඳුන්නෙත්ති

Must read

මැයි 09 වනදා සිදූවීම මුල්කරගෙන පුද්ගලික පළිගැනීම් රැසක් සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මාතලේ පැවති ජනහමුවකදී ඒ මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා,

“මැයි 09 වනදායින් පස්සේ සමාජයේ තියෙන සාකච්ඡාව මොකක්ද ? එක පැත්තකින් ප්‍රාතීර්භූත වුණා රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට. දැන් රනිල් අගමැතිවෙලා. එකක්. දෙක JVP එක ආයේ ප්‍රචණ්ඩත්වයට ගිහිල්ලා. සමාජයේ සාකච්ඡා තියෙන්නේ ඔච්චරයිනේ. අපි දන්නවා 09 වනදායින් පස්සේ ඇති වුණා සිදුවීම් මේ අය හදාගත්ත සිදුවීම් ගොඩක් තියෙනවා. පුද්ගලික පළිගැනීම් ගොඩක් කරලා තියෙනවා. ඒවා ගොඩක් ඇති. ඒවා දේශපාලනය. හැබැයි එදා 09 වනදා ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරය. අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු හොයන්න එපා. අශිෂ්ටත්වයට උත්තර හම්බෙන්නේ ඒකෙන්ම තමයි. එදා සිද්ධියට ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කරන්න ඕනේ. වෙන එකක් තියා එදා ගහන්න බෑ කියලා අද දඩයමට ලක්වෙලා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවත් ආරක්ෂා කරන්න ඕනේ. මොන පක්ෂයකින් හරි කමක් නැහැ. මැයි 09 වනදා උදේවරුවේ සිද්ධ වුණ ජරා දේශපාලන ක්‍රියාවට හවස ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කළ යුතුයි.”

More articles

Latest article