31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

මහේල ජයවර්ධන සදාතනික විශිෂ්ටයින්ගේ නාමාවලියට

Must read

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සදාතනික විශිෂ්ටයින්ගේ නාමාවලියට ඇතුලත් කර තිබේ.

මහේල, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීම සදහා මෙලෙස ක්‍රියාකර තිබේ.

දඟපන්දු යවන සුපිරි ක්‍රීඩන මුත්තයියා මුරලිදරන් සහ හිටපු නායක කුමාර සංගක්කාර ද මීට පෙර එම නාමාවලියට ඇතුලත් කරනු ලැබීය.

මහේල ජයවර්ධනගේ නම, නාමාවලියට ඇතුලත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද(13) නිවේදනය කළේය.

ඔහුට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෂෝන පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනට් බ්‍රෙටින් ද එම නාමාවලියට ඇතුලත් කර තිබේ.

More articles

Latest article