28 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

තෙල් සංස්ථාවට මාස දහයකදී කෝටි 7,000ක පාඩුවක්

Must read

පසුගිය මාස හය තුළ මිල සංශෝධනයක් නොකළ හෙයින් මාස දහයක් තුළදී පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000ක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) පැවසීය.

මිල සංශෝධනයක් නොකරන්නේ නම් බදු අඩු කර දීමක් හෝ කරන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් මේ නිසා ඉල්ලීමක් කර ඇතැයිද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

පසුගිය මාස 6දී ඉන්ධන මිල වැඩි නොකළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවද ගම්මන්පිල මහතා කීවේය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැති බව පැවසූ ගම්මන්පිල මහතා එය මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත්වී නැතැයිද ප්‍රකාශ කළේය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බවත් දින 50කින් එය විවෘත කරන බව තමා මුලින් පැවසුවත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය. වසර 50කට වඩා පැරැණි එකක් හෙයින් ඊට කිසිදු ඉල්ලුමක් නැති බවත් කෙසේ වෙතත් මේ තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බවත් ඇමැතිවරයා කීවේය.

More articles

Latest article