31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Must read

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාලිගාවට පැමිණි අගමැතිවරයා පිළිගනු ලැබූ අතර, අනතුරුව රාජපක්ෂ මහතා දළදා වහන්සේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුශාසනා පැවැත්වීමෙන් අනතුරුව නාහිමියෝ අගමැතිවරයාට තිළිණයක් ලෙස බුදු පිළිමයක් ප්‍රදානය කළහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චාමින්ද කිරිඳිගොඩ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article