34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞශල්‍යා සියදිවි හානි කරගනියි

Must read

ශ්‍රී ලංකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞශල්‍යා මධුෂානි (25) දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නි‍ෙවසේදී සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අන්තර්ජාතික මලල ක්‍රීඩා තරග නියෝජනය කළ ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව් කිහිපයකින්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගෙන සිටි ක්‍රීඩිකාවකි.

මීටර් 400 කඩුලු මතින් දිවිමේ 2014 ආසියානු කණිෂ්ට ගූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම, 2016 මීටර් 400 කඩුලු මතින් දිවිමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම සහ 2019 වසරේ නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගයේ රිදී පදක්කම ඇය දිනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.

More articles

Latest article