31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකාවේ කුරුඳු වලට යුරෝපා සංගමයෙන් සහතිකයක්

Must read

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුරුඳු සඳහා යුරෝපා සංගමයෙන් භූගෝලීය දර්ශක සහතිකය ලැබී තිබෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම භූගෝලීය දර්ශක සහතිකය හිමිකර ගත් ශ්‍රී ලංකා කුරුදු සඳහා අදාළ සහතිකය පිරිනැමීමේ නිල උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේදී යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් වායිබ් මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා වෙත අදාළ සහතිකය පරිනැමීය.

ශ්‍රී ලංකාව ලොව විශාලතම කුරුදු නිෂ්පාදකයා සහ අපනයනකරු වන අතර ගෝලීය වෙළෙඳපොළ කොටසින් 90%ක් හිමිකරගෙන සිටීම සමත් වී තිබෙයි.

More articles

Latest article