32 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය පියවයි

Must read

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය නියමිත පරිදි පියවීමට අද දිනයේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

එම ණය පියවීමෙන් පසු මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 03 දක්වා පහත වැටුණද එය අස්ථාවරත්වයක් පිළිඹිඹු නොකරන බවයි ඔහු සඳහන් කළේ.

වඩාත් වැදගත් වන්නේ මුදල් ප්‍රවාහය මිස නිශ්චිත වේලාවක සංචිත මට්ටම නොවන බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචිතයේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් දැන සිටින කරුණක් බවයි.

එහෙත් විපක්ෂ කණ්ඩායම් කිහිපයක් මෙරට විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව සමපේක්ෂණය කරමින් අස්ථාවරත්වයක් පවතින බව ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ අපේක්ෂිත විදේශ විනිමය ප්‍රවාහය සැලකිල්ලට ගත් විට විදේශ සංචිතය ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙනවා.

ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකාවට ගලා එන විදේශ විනිමය ප්‍රවාහය අමෙරිකානු ඩොලර් මිලියන 2650 කට ආසන්න වන බව ඔහුගේ අදහසයි.

More articles

Latest article