27.4 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

දිගුකාලීන සැලැස්මක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමකට ලක්වෙලා – අමාත්‍ය නාමල් රාජපක්ෂ

Must read

දිගුකාලීන සැලැස්මක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ 2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවය.

පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ, 2014 සිට 2019 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙක් ක්‍රීඩා කර ඇති බවය.

“2014 ලෝක කුසලානය දිනාගැනීමේ සිට 2019 දක්වා මෙරට ක්‍රීඩා ඇමතිවරු 4 දෙනෙක් හිටියා. ඒ වගේම ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවන් 5 දෙනෙක් කටයුතු කරලා තියෙනවා. ඔවුන්ට සහායක කාර්ය මණ්ඩලය (එනම් Batting coach, Fielding coach වෙන්න පුළුවන්) 20ත් 30ත් අතර සමහර Supporting පුහුණුකරුවෝ එක තරඟයකට පුහුනුකරලා වැඩේ අතරමග දාලා යනවා. ඒ විතරක් නොවෙයි එක අවස්ථාවක දේශීය පුහුණුකරුවන්ට දිය යුතුයි කියලා පුහුණුකරුවෝ බඳවා ගත්තා සංචාරයක් අතරමග ඒ පුහුණුකරුවා ගිවිසුම අහෝසිකළා. අවසාන ප්‍රතිඵලය තමයි ඒ පුහුණුකරුවා අද වන්දි නඩුවක් දාලා තියෙනවා ඩොලර් මිලියනයක වන්දියක් ඉල්ලලා. ඒ ඩොලර් මිලියනයේ වන්දිය Negotiate කරන්න ඩොලර් ලක්ෂ 1 1/2ක මුදල් ගෙවලා තියෙනවා. කණ්ඩායම් නායකයෝ 10ක් විතර අත්හදාබලලා තියෙනවා මේ වසර 4 1/2, 5 අතරතුර. ඊට අමතරව ක්‍රීඩකයින් 105 දෙනෙක් 20/20, එක්දින සහ ටෙස්ට් තරඟවලට අත්හදාබලලා තියෙනවා. සමහර ක්‍රීඩකයෝ එක තරඟයයි. ඔහුට ඊට පස්සේ අවස්ථාවක් නෑ . ඒ විතරක් නොවෙයි 2016/17 වසරේදී ක්‍රීඩකයෝ 40ක් අත්හදාබලලා තියෙනවා”.

More articles

Latest article