27 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

රට දියුණු කිරීමට ආකල්පමය වෙනසක් ඕනෑ – අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි නාහිමි

Must read

මේ රට දියුණු කිරීමට සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බවත් එම ආකල්පමය වෙනස පෙරපාසල් වියේදීම ආරම්භ කළ යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති. එසේ නොවන තාක් කල් රට දියුණු කිරීමට අපහසු බවත් එවැනි ආකල්ප වෙනසක් සිදු කළද රට දියුණු තත්ත්වට ගෙන ඒමට තවත් වසර ගණනාවක් ගත වනු ඇති බවත් උන්වහන්සේ කීහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පෙරේදා (15) අස්ගිරි මහ විහාරයට ගොස් අනුනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

අද බොහෝ දෙනෙක් රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් රටේ ඉපදීමට හොඳ නම් රට හැර යන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

රජය මඟින් අවශ්‍යය සියලු පහසුකම් සලසන අවස්ථාවක රාජ්‍ය සේවකයන් සෑම විටම රට ගැන සිතා කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ කීහ.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ ජීවිත සාර්ථක කරගත් බොහෝ අය රටට යමක් දීම වෙනුවට තවත් රටෙන් යමක් ලබා ගන්නේ කෙසේද යන්න සිතමින් කටයුතු කරන බවත් මෙය රටක දියුණුවට බාධාවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසීය.

More articles

Latest article