30.1 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ඉන්ධන බවුසර් වර්ජනය අවසන්

Must read

පෞද්ගලික අංශයේ ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (2) පස්වරුවේ අත්හිටුවීය. ඒ අනුව අද (3) සිට සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට එක් වන බවද එම සංගමය පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් සම ලේකම් ඩී.වි. ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 40%කින් වැඩි කරන ලෙස සිය සංගමය ඉල්ලා සිටි අතර මාර්තු මස 19 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් දීමට බලධාරීන් එකඟ වූ බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

More articles

Latest article