28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

හරිත කාර්මීකරණය ප්‍රවර්ධනයට එක්සත් ජාතීන් අත දෙයි

Must read

මෙරට කාර්මිකරණයේ දී පරිසර හානිය අවම කිරීම, හරිත සංකල්පය යටතේ කාර්මිකරණය ප්‍රවර්ධනය කිරීම, ඒ සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් සකස් කිරීම හා කර්මාන්ත ප්‍රතිපත්තියට අදාළ කරුණු ප්‍රවර්ධනය කිරීම යන මූලික කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය ඉදිරි වසර 05 සඳහා ඩොලර් මිලියන 18ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කොට තිබේ.

එම ගිවිසුම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සහ මෙරට UNIDO නියෝජිත ආචාර්ය රිනෙ වෑන් බර්කල් (Dr. Rene Van Berkel) අතර එකඟතා ගිවිසුමකට අස්සන් තැබූණි.

කර්මාන්ත අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර පෙරේදා (30) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී එම එකඟතා ගිවිසුමකට අස්සන් තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක් විය.

මෙරටට අදාළව කාර්මික සංවර්ධන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 18ක් ප්‍රදානය UNIDO ආයතනය විසින් සිදුකර ඇත.

මෙරට කෘෂි ආහාර (Agri- Food) අංශයේ සංවර්ධනය සඳහා වඩාත් හොඳ ක්‍රමවේදයක් අනුගත කිරීම පළමු ව්‍යාපෘතිය වන අතර වසර හතරක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 6.5ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට ඇත. දේශගුණයට යෝග්‍ය, තිරසර වෙළෙඳපොළ ඉල්ලුමක් ඇති කෘෂි ආහාර සංරක්ෂණය ඉලක්ක කොට ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙය වෙළද, කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙවන ව්‍යාපෘතිය මෙරට දේශගුණ විපර්යාස අවම කිරීම සදහා වන ව්‍යාපෘතියක් වන අතර වසර පහක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 7.8ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට තිබේ. දේශගුණය පිළිබඳ පැරිස් එකගතාව අනුව කටයුතු කිරීම මෙහි මූලික අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් පරිසර සහ බලශක්ති අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් මගින් අධීක්ෂණය කෙරේ.

More articles

Latest article