28.9 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මට රෑට සතුටින් නිදාගන්න ඕනේ නිසා මම දෙරණේ ප්‍රවෘත්ති බලන්නෙ නැහැ – දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම

Must read

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති බලන විට තමන්ට කලකිරීමක් ඇති වන බවත් එනිසා තමන් රාත්‍රියට නිදා ගැනීම සන්තෝෂයෙන් සිදුකිරීමට වුවමනා නිසා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නොබලන බව එම මාධ්‍ය ජාලය අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මිය සඳහන් කරයි.

කොළඹ දී පැවැති කෘතියක් එළි දැක්වීමේ උළෙලක් අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

කවර හෝ හේතුවක් මත රට පිළිබඳව වැරදි අදහසක් සමාජයට ලබා දීමට තමන් අකමැති බවත් තමන් රටට ආදරේ බවත් ඇය පැවසීය.

පසුගිය යුද සමයේදී ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම ජනතාව අතරට ගෙන යමින් ජනතාවට ධෛර්යය දෙමින් මේ රට දිනන රටක් බවට ජනහදවත් ගෙනයාමට කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

නමුත් ඒ අවස්ථාවේ සමාජ යථාර්ථය ලෙස සෑම ගමකම සිදුවන මරණ වලදී හඬාවැටෙන අම්මලා පෙන්නුවේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඇය එහිදී තව දුරටත් කියා සිටියාය.

More articles

Latest article