29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

වික්ටෝරියා සීක්‍රට් ලේස් යට ඇඳුම් කොහෙවත් නෑ – ජනප්‍රිය නිලි යුරේනි කියන කතාව

Must read

කලා ලෝකයේ ඉන්න දඟකාර කට කාට රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ, ඇයගේ ලගන්නා සුළු කතා විලාසය නිසා හැමෝම යුරේනිට ගොඩක් ආදරෙයි. ඉතින් අපි මේ කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන යුරේනි සමග.

යුරේනි මේ දවස්වල මොකද වෙන්නේ?

”බාරගත්ත වැඩ ටිකක් තියෙනවා. ඒ වගේම පොටෝ ෂූට් කිහිපයකටම ආරාධනා ලැබුනා. අලුතෙන් ලැබුන පිටපත් කිහිපයක් කියෙව්වා. නිදහසේ ඉන්න වෙලාවට ගෙදරට වෙලා ඉඳගෙන පොතක් බලනවා. ඉඳලා හිටලා චිත්‍රපටයකුත් බලනවා.”

යුරේනි නිතරම නිර්මාණ හරහා දකින්න ලැබෙන්නේ නෑ ඇයි ඒ?

”මෙහෙමයි ටෙලි නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ ගැඹුරක් නැති දෙබස් විතරක් තියෙන ඒවා. ඒ නිසා මම ඒවා ප්‍රතිෂේප කරනවා. හැබැයි සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් ඒවා මම බාරගන්නවා. අනිත් ප්‍රධානම කාරණය තමයි මගේ වටිනාකම ගෙවන්නේ නෑ. මම මගේ පිලිබඳ අධි තක්සේරුවෙන් හිතන්නත් නෑ. ඒ වගේම මම මගේ ගැන අවතක්සේරුවකින් ඉන්නෙත් නෑ, හැබැයි මගේ වටිනාකම මට ගෙවනවනම් හොඳ නිර්මාණවලට මම දායක වෙනවා.”

කොහොම වුනත් යුරේනි කියන්නේ ගොඩක් දක්ෂ චරිතයක්. ඉතින් යුරේනි විසින් වසති අනුශ්කට දුන්න අපූරු බිස්නස් අයිඩියා එකක් නිසා ඇය සමාජ ජාලාවල ආයෙමත් කතාබහට ලක්වෙන්න පටන් අරගෙන ඉතින ඇය අනුශ්කට කියන්නේ ”මම මෙයාට බිස්නස් අයිඩියා එකක් දෙන්න හැදුවේ යට ඇඳුම් කරන්න කියලා මේ දවස්වල ලංකාවේ තත්වේ එක්ක වික්ටෝරියා සීක්‍රට් වගේ යට ඇඳුම් නෑ ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා. අපිටවත් ඒවා ගන්න තැනක් නෑ, ලෙස් වලින් වගේ හදපු ඒවා ගන්න නෑ” කියලයි.

(උපුටාගැනීම – 21 MediaVision)

More articles

Latest article